ඒත් පවන්...එයාව දැක්කම ඕනම කෙනෙක් හිතන්නේ එයා ගොඩක් සතුටින් ඉන්න කෙනෙක්
කියලා ඒ උනාට පවන්ගේ ජිවිතේ මගේ එකටත් වඩා අන්තයි..කෙටියෙන්ම කිව්වොත් පවන්
පොඩිකාලේ ඉදන්ම ගොඩක් දේවල් අහිමි කරගෙන තියෙනවා.එයා පොඩිකාලේ එයාගේ තාත්තා
නැතිවෙලා.අම්මා ගැන නම් පවන් අදටත් හරි විස්තරයක් දන්නේ නෑ.පවන්ව කටිටයක් අරන්
හදාගෙන.ඒ හදාගත්ත තාත්තා පවන්ට මාරම ආදරෙයිලු.කොටින්ම තමන්ගේ දේපල පවා පවන්ගේ නමට
ලියලා.ඒත් අවසනාව කියන්නේ පවන්ගේ ඒ හදාගන්න ගත්ත තාත්තත් නැතිවෙලා.පවන්ලව හදාගන්න
ඕන නිසා පවන්ගේ අම්ම රට ගිහින්.පවන් අදටත් කියන්නේ එදා අම්ම එහෙම තීරණයක්
නොගත්තනම් අද හැමදේම වෙනස් වෙන්න තිබ්බා කියලා.
අම්ම රට ගිහින් ඇවිත් කසාද බැදලා.එකෙන් පවන් තනි වුණා.ඔය ගෙදර තවත් කෙනෙක්
හිටියා.තාත්තට පස්සේ පවන්ට තමන්ගේ කෙනෙක් වගේ ආදරේ කෙනෙක් ඒ තමා පවන්ගේ
ආච්ච්.ආච්චි පවන් ගැන හැම දෙයක්ම දැනගෙන හිටියා.
පවන් ගොඩක් අහිංසකයි.ඒ උනාට ඉක්මනට තරහ යනවා.එ උනාට ඕනම කෙනෙක් පවන්ට
ආදරෙයි.ඒකත් සමහරවිට කිසිම හේතුවක් නැතුව.හැබැයි හරිම විනෝදෙන් ඉන්නේ.දැනට පවන්
සැලුන් එකක් කරනවා.
ඔන්න ඕවා තමා අපේ විස්තර.දෙන්නටම තියෙන්නේ එකම දුක්බර ජිවිතේ.එත් මොන දේ
උනත් හැමදේම අමතක කරලා සතුටින් ඉන්න තමා බලන්නේ.
මම මුලින්ම කිව්වේ මං ගැන ඊට පස්සේ පවන් ගැන. දැන් මම මේ කියන්න යන්නේ
සංසාරි පවන් ගැන.අපේ කථාව ගැන...
~~~~~~~~~~~~~~****************************************~~~~~~~~~~~~~~~
~~~සංසාරි තවදුරටත් බලාපොරොත්තුවන්න~~~
No comments:
Post a Comment