Tuesday, June 19, 2012

සංසාරි මතක සටහන් ......(දෙවන කොටස)


ඒත් පවන්...එයාව දැක්කම ඕනම කෙනෙක් හිතන්නේ එයා ගොඩක් සතුටින් ඉන්න කෙනෙක් කියලා ඒ උනාට පවන්ගේ ජිවිතේ මගේ එකටත් වඩා අන්තයි..කෙටියෙන්ම කිව්වොත් පවන් පොඩිකාලේ ඉදන්ම ගොඩක් දේවල් අහිමි කරගෙන තියෙනවා.එයා පොඩිකාලේ එයාගේ තාත්තා නැතිවෙලා.අම්මා ගැන නම් පවන් අදටත් හරි විස්තරයක් දන්නේ නෑ.පවන්ව කටිටයක් අරන් හදාගෙන.ඒ හදාගත්ත තාත්තා පවන්ට මාරම ආදරෙයිලු.කොටින්ම තමන්ගේ දේපල පවා පවන්ගේ නමට ලියලා.ඒත් අවසනාව කියන්නේ පවන්ගේ ඒ හදාගන්න ගත්ත තාත්තත් නැතිවෙලා.පවන්ලව හදාගන්න ඕන නිසා පවන්ගේ අම්ම රට ගිහින්.පවන් අදටත් කියන්නේ එදා අම්ම එහෙම තීරණයක් නොගත්තනම් අද හැමදේම වෙනස් වෙන්න තිබ්බා කියලා.

අම්ම රට ගිහින් ඇවිත් කසාද බැදලා.එකෙන් පවන් තනි වුණා.ඔය ගෙදර තවත් කෙනෙක් හිටියා.තාත්තට පස්සේ පවන්ට තමන්ගේ කෙනෙක් වගේ ආදරේ කෙනෙක් ඒ තමා පවන්ගේ ආච්ච්.ආච්චි පවන් ගැන හැම දෙයක්ම දැනගෙන හිටියා.

පවන් ගොඩක් අහිංසකයි.ඒ උනාට ඉක්මනට තරහ යනවා.එ උනාට ඕනම කෙනෙක් පවන්ට ආදරෙයි.ඒකත් සමහරවිට කිසිම හේතුවක් නැතුව.හැබැයි හරිම විනෝදෙන් ඉන්නේ.දැනට පවන් සැලුන් එකක් කරනවා.

ඔන්න ඕවා තමා අපේ විස්තර.දෙන්නටම තියෙන්නේ එකම දුක්බර ජිවිතේ.එත් මොන දේ උනත් හැමදේම අමතක කරලා සතුටින් ඉන්න තමා බලන්නේ.

මම මුලින්ම කිව්වේ මං ගැන ඊට පස්සේ පවන් ගැන. දැන් මම මේ කියන්න යන්නේ සංසාරි පවන් ගැන.අපේ කථාව ගැන...


~~~~~~~~~~~~~~****************************************~~~~~~~~~~~~~~~

~~~සංසාරි තවදුරටත් බලාපොරොත්තුවන්න~~~

Monday, June 18, 2012

සංසාරි මතක සටහන් ......(පලමුවන කොටස)


එක් වී නම් රිදවන්න එපා
රිදවුවත් වෙන්වී යන්න එපා
ආදරේ නම් හඩවන්න එපා
හැඩවුවත් ඔබේ ආදරේ අඩුකරලන්න එපා

                          එක් වුයේ අප වෙන්වි දෙතැනක ඉන්නටදෝ
                          ඔබ රිදවා මා හද සැනසී ඉන්නට හැකිදෝ
                          හිරැ බැසගොස් යලි උදයේ ආයෙත් එන්නැතිදෝ
                          අපගේ ආදරයත් බැසයන හිරැ වාගේදෝ

ආදරේ කලේ අප හැඩුකදුලින් ඉන්නදෝ
ඔබ හඩනාවිට මට සැනසි ඉන්නට හැකිදෝ
බඔරා ආයෙන් සිබිමල මුකලිත වී යාදෝ
අප හැඩුවට අපේ ආදරේ සේදිලායාදෝ


ඇත්තටම මේ කථාව කෙහෙන් පටන් ගන්නද කියලා නම් තේරෙන්නේ නෑ.හැබැයි ඉහතින් ලිව්ව සිංදුවට නම් ලොකු තේරැමක් තියෙනවා...හැබැයි මේ කථාව එක දවසකින් පටන් අරන් එක දවසකින් ඉවරවෙන එකක් නෙවේ.හැම කථාවක් ආරමිභ වෙන්න කලින් දානවනේ මෙහි එන නම් සියල්ල මන:කල්පිතයිකියලා.එත් මේ කථාව එහෙම එකක් නෙවේ.සත] සිදුවීමක් නම් ගම් සියල්ලම කල්පිතයි.හැබැයි ඇත්ත නම්ටික කියන්නේ මේ කථාව අවසානයේ..මේ කථාව ආදර කථාවක් වෙනස්ම විදිහක ආදරයක්..හැබැයි මේ කථාව පටන් ගත්තේ අවුරැද්දකට ඉස්සර.

මේ ආදරය ආරමිභය කවදද උනේ කියලා අවන්කවම දන්නේ නෑ.නමුත් මේ කථාවට අවසානයක් නම් නැහැ.
                                                  

                එක් වී නම් රිදවන්න එපා
                                                                රිදවුවත් වෙන්වී යන්න එපා
                 ආදරේ නම් හඩවන්න එපා
                                                          හැඩවුවත් ඔබේ ආදරේ අඩුකරලන්න එපා"

මේ සිංදුව ලිව්වේ මගේ පවන්..පවන් කව්ද? මේ ප්‍රෂ්ණේ දැන් ඔයාලගේ හිතේ ඇතිවෙන්න ඇති..මම පවන් ගැන කියන්න අමතක කරන්නේ නෑ.නමුත් මම මුලින්ම මං ගැන කියලා ඉන්නම්..

මම සංසාරි..කෙටියෙන්ම කිව්වොත් පිස්සු චරිතයක්.එක වෙලාවකට මට පිස්සුද කියලා මටම හිතුන වාර නම් අනන්තයි.හැමදේම හරිම සුලුවෙන් හිතන කෙනෙක් කිව්වොත් නිවැරදියි.මගේ පවුලේ විස්තර ටිකක් විතර කිව්වොත්.මට ඉන්නේ අම්ම විතරයි.තාත්තා ඉන්නවා.කොහෙ ඉන්නවද දන්නෙ නෑ.මම පොඩි කාලෙම අම්මයි තාත්තයි වෙන්වෙලා.මම පුංචි කාලේ ඉදන්ම හැදුනේ වැඩුනේ ආච්චි ගාව.උසස්පෙල අවසන් කරලා බාහිර උපාධියක් කරනවා.

මොන දේ එදා දවසේ කරන්න තිබුණත් මූණු පොත ඒ කියන්නේ facebook  පැත්තේ දවසට එකපාරක්වත් යනවා.ඒක තමයි ඉතිං මේ දවස්වල විනෝදාංෂය.


                  ~~~සංසාරි තවදුරටත් බලාපොරොත්තුවන්න~~~